අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

15 March 2020

පෙර පාසල් පැවරුම් පත් | Preschool worksheets

ඔන්න එහෙනම් මම FB එකේ අම්මයි බබයි සමූහයේ දුලානි රණසිංහ අම්මා ගේ පෝස්ට් එකෙන් ඉල්ලලා තිබුන විදිහට මගේ දුව වෙනුවෙන් හදපු පැවරුම් වැඩ ඔයාලටත් අරගෙන එනවා. 

මම කාලයක් ශ්‍රී ලංකා ගුරු සේවයේ තොරතුරු තාක්‍ෂණ ගුරුවරියක් ලෙස සේවය කලා. ඒ කාලයේ තමයි මම බ්ලොග් එක පටන් ගත්තේ. අපි දැනට ජීවත් වෙන්නේ ජපානයේ. පැවරුමේ ඉන්න පුංචි ගැහැණු ළමයාව ඇන්දේත් මම. මම ආසාවට අධ්‍යාපනික පරිගණක ක්‍රීඩාවක් හැදුවා ඒකේ ඉන්න චරිතය තමා...  

මෙහේ ආවට පස්සේ දවල් දවසේ දුවයි මමයි ගෙදර තනියම​. එතකොට දුවට අවුරුදු 3 ලැබුව විතරයි. අපි ආවෙත් ශීත කාලයේ. ඒත් මුලින් මුලින් හරිම අමාරුයි. ආච්චිලා සීයලා නැන්දලා එක්ක සෙල්ලම් කරපු මගේ දුව ගෙයක් ඇතුලේ හිරවුනා. බබාටත් අමාරුයි.. අම්මටත් එහෙමම තමා.. ලංකාවෙන් ගෙනාපු ළමා පත්තරත් ඉවරයි. ඉතින් මුලින් මම පොතක් අරන් එයාට යා කරන්න ඇඳලා දුන්නා. ඊ ලඟට මේ විදිහට මම ම හදලා ප්‍රින්ට් කලා. දුවටත් ආසයි. අම්මා එයා වෙනුවෙන් ම හදපු පොත නේ..

දැන් මගේ දුවට වයස අවුරුදු 05ක්. මේ විදිහට ඔයාලත් එක්ක මගේ දැනුම බෙදා ගැනීම මට සතුටක්.

පොඩි බබාල එක්ක පාඩම් වැඩ කරන්න විනාඩි 20ක් වගේ උපරිම අරගන්න​. එයාලට බල කරන්න එපා. හැම තිස්සේම දරුවා ව ඇගයීමට ලක් කරන්න​. ආදරෙයි කියන්න​. හැබැයි අනිත් දරුවොත් එක්ක සසදන්න එපා. මම නොකිව්වත් අම්මලා මේවා දන්නවා. මට වඩා ඔයාල දක්‍ෂයි. 

බබාල කරපු වැඩ බලන්න මමත් ආසයි. ආදරණීය අම්මලාගේ සතුට මාත් එක්ක බෙදාගන්න​. ඔයාලගේ අදහස මේ ලිපිය පහලින් තියන කමෙන්ට් කොටසේ ලියන්න​. මට ඒක සතුටක්.
තව ගොඩක් තියනවා. දැනට කොටසක් දාන්නම්. ඉතිරි ටිකත් කොටසින් කොටස දාන්නම්.
ඩවුන්ලෝඩ් කරගන්න පහල තියන ලින්ක් ක්ලික් කරන්න​.(පින්තූර උඩ නෙමෙයි ඔන්න​..)
 වෙනම ම ෆයිල් එක ලෝඩ් වේවී.
පෙර පාසල් පැවරුම් පත් 1 
පෙර පාසල් පැවරුම් පත් 2
පෙර පාසල් පැවරුම් පත් 3
පෙර පාසල් පැවරුම් පත් 4
පෙර පාසල් පැවරුම් පත් 5
පෙර පාසල් පැවරුම් පත් 6

**මේ සියළුම පැවරුම් වාණිජ භාවිතය සඳහා නොවන බව සලකන්න​.

Please note all above worksheets are not for commercial use

ආදරණීය අම්මලාට තවත් පුංචි දෙයක් කියන්න ඕන. අපි හැමෝටම පැවරුම් ප්‍රින්ට් කරන්න අමාරු අවස්ථා තියනවා. ඒ වගේම තමා වියදමත්. ඉතින් මේ දවස්වල තියන කොරෝනා වෛරස් ප්‍රශ්නය නිසා එලියට යන එක අඩු කරන්න කියලනේ කියන්නෙත්. මේ පැවරුම් බලලා අදහස් අරගන්න​. ඊට පස්සේ බබාලට කොළයක ඔයාලාම ඇඳලා දෙන්නත් පුළුවන්. දුවල පුතාලත් ඒකට ආස වේවී. හිතල බලන්නකෝ ඒ ගැනත්.
පෙර පාසල් පැවරුම් පත් 1

https://drive.google.com/open?id=1Sp5q-8xijYy9KPczNQqxPUtaMhcgMGeG
පෙර පාසල් පැවරුම් පත්2






https://drive.google.com/open?id=1TuELVyPPdFKMWtbwT-oCkVp4ibsWD0jp
පෙර පාසල් පැවරුම් පත්  3
https://drive.google.com/open?id=1cyx4SOFfVWTh3Q_Rv9y9clAvDB4Vutsi




3 comments:

  1. ඔයාලගේ අදහස මේ ලිපිය පහලින් තියන කමෙන්ට් කොටසේ ලියන්න​. මට ඒක සතුටක්.

    ReplyDelete

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...