අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

31 May 2015

වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ නව ෆෝල්ඩරයක් නිර්මාණය කිරීම.- II කොටස​

පළමු කොටස මෙතැනින්...

ෆෝල්ඩරයක් විවෘත කිරීමට පියවර

ෆෝල්ඩර් අයිකනය මත දෙවරක් ක්ලික් කිරීම (ඩබල් ක්ලික්) කරන්න.


එවිට ඔබව ගොනුවේ ඇතුළත වෙත යොමු කෙරේ.

ෆෝල්ඩරයක් මකා දැමීමට පියවර 

 
  පියවර 1

වම් මවුස බොත්තම භාවිතා කරමින් මකා දැමීමට අවශ්‍ය ෆෝල්ඩරය (ගොනුව) තෝරන්න.















පියවර 2
  • යතුරු පුවරුවෙහි delete යතුර තෝරන්න.
  • ඉන්පසු ලැබෙන සංවාදය කවුළුවේ ‘Yes’ (ඔව්) විකල්පය තෝරන්න. 
  • ෆෝල්ඩරය මැකීමේ දී එහි අඩංගු සියළු ගොනු ද මකාදැමනු ලැබේ. 
  • ෆෝල්ඩරයක් මකා දැමූ පසු එය ප්‍රතිචක්‍රීකරණ බඳුන වෙත යවනු ලැබේ.


පැවරුම

 

  1. රූපයේ දැක්වෙන ෆෝල්ඩර් ආකෘතිය වැඩතලය මත සකස් කරන්න.
  2. ෆෝල්ඩර් 1 සහ 3 මකා දමන්න.
  3. දැන් ප්‍රතිචක්‍රීකරණ බඳුන :ඍැජහජකැ ඊසබ- නිරීක්ෂණය කර එහි දක්නට ලැඛෙන දේ සටහන් කරන්න.

No comments:

Post a Comment

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...