අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

24 May 2015

පරිගණකයක් යනු කුමක් ද?

පරිගණකයක් යනු කුමක් ද?


පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හෝ පද්ධතිය විසින් රැස්කර ගනු ලබන දත්ත ලබා ගෙන එම දත්ත පරිශීලකයා විසින් දී ඇති උපදෙස්වලට අනුව සකස් කරමින් ඔහුට/ඇයට අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රතිදානය කරන, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් ලෙස පරිගණකය හැඳින්විය හැකි ය. 

මිනිසාගේ විවිධ කාර්යයන් පහසු කිරීම සඳහා පරිගණකය යොදා ගැනේ.
පරිගණකයෙහි ඇති විශේෂ ලක්ෂණ නිසා එය අපට අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී ඇත. ඉන් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

 

 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම්


     දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා හුවමාරු කර ගැනීමටත් තාක්ෂණය විවිධාකාරයෙන් යොදා ගැනේ. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නම් වේ.
 
අද වන විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා නොගන්නා කෙනෙකු හෝ ස්ථානයක් හෝ නොමැතිතරම් ය. ක්ෂේත්‍ර රැසක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යෙදවුම් දක්නට ලැබිය හැකි අතර ඒ අතරින් කිහිපයක් මෙසේ ගොනු කර දැක්විය හැකි ය.
 



අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදවුම්

පොත් අතර සිර වී තොරතුරු රැස් කළ කාලය මේ වන විට ක්‍රම ක්‍රමයෙන් අපගෙන් දුරස් වී යමින් පවතී. පහසු ස්ථානයක පහසු ආකාරයෙන් හිඳිමින් ඕනෑ ම වේලාවක මුළු ලොව ම දැක ගැනීමේ හා අධ්‍යයනය කිරීමේ වාසනාව මේ වන විට ඔබටත් ලැබී ඇත. ඒ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසා ය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදවුම්

පොත් අතර සිර වී තොරතුරු රැස් කළ කාලය මේ වන විට ක්‍රම ක්‍රමයෙන් අපගෙන් දුරස් වී යමින් පවතී. පහසු ස්ථානයක පහසු ආකාරයෙන් හිඳිමින් ඕනෑ ම වේලාවක මුළු ලොව ම දැක ගැනීමේ හා අධ්‍යයනය කිරීමේ වාසනාව මේ වන විට ඔබටත් ලැබී ඇත. ඒ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසා ය.

පන්ති කාමරයේ දී

  •  පරිගණක ආශ්‍රිත සමර්පන (Presentations)
  • පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන
  • පරිගණක ඇසුරෙන් නිර්මාණ කිරීම (පිංතූර සහ විඩියෝ සකස් කිරීම්)
  • සඟරා, ලිපි, ලේඛන සකස් කිරීම සහ මුද්‍රණය කිරීම
  • අධ්‍යාපනික ක්‍රීඩා
  • CD-ROM මාධ්‍යයෙන් තොරතුරු අධ්‍යයනය
  • අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනික තොරතුරු රැස් කිරීම
11 ශ්‍ර්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පෙළ පොත ඇසුරෙනි...

4 comments:

  1. If you want above lesson in a pdf file to download and print please comment and let me know.
    ඔබට ඩවුන්ලෝඩ් කර ප්‍රින්ට් කරගත හැකි ලෙස සකස් කල ෆයිල් එකක් අවශ්‍ය නම් පහත කමෙන්ට් එකක් යොදන්න​.

    ReplyDelete

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...