අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

31 May 2015

වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ නව ෆෝල්ඩරයක් නිර්මාණය කිරීම.- I කොටස​



ෆෝල්ඩර පරිගණකයක් තුළ දත්ත, ලේඛන සහ ඡායාරූප ගබඩා කිරීම සඳහා හොඳ ගොනු ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍යය වේ. ඔබට පරිගණකයේ දෘඩ තැටිය මත හෝ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක මත ඕනෑම ස්ථානයක ෆෝල්ඩරයක් නිර්මාණය කළ හැකිය.
මෙය කිරීමට ආකාර කීපයක් ඇත.

පළමු ආකාරය



පියවර 1


  • ෆෝල්ඩර නිර්මාණය කිරීමට අවශ්‍යය ස්ථානය විවෘත කරන්න.

  • හිස් ඉඩක් මත මවුසයේ දකුණුපස බොත්තම මත ක්ලික් (දකුණු-ක්ලික් කිරීම)  කරන්න(අයිකනයක් මත ක්ලික් නොකරන්න. දැනට පවතින අයිකනය මත දකුණුක්ලික් කිරීමෙන් වැරදි මෙනුව ක් ගෙන එයි.)

  • එය පොප් අප් මෙනුවක් ගෙන එයි.



  පියවර 2


  • New (නව) ලේබලය වෙත මවුසයේ දක්වනය ගෙන එන්න. 
  • එය තවත් මෙනුවක් ගෙනෙනු ඇත. එම මෙනුවේ විවිධ අයිතම ලැයිස්තු ගත කර ඇත.
  • නව ෆෝල්ඩරයක් නිර්මාණය කිරීම සඳහා මෙම ලැයිස්තුවේ ඉහළින්ම ඇති Folder තෝරන්න.
  • එවිටනවෆෝල්ඩරයක්ඔබගේ වත්මන් ස්ථානයේ  දිස් වනු ඇත.
  • ෆෝල්ඩරයට නමක් ලබා දෙන්න. නව ෆෝල්ඩරය නිර්මාණය කරන විට නමක් New Folder ලෙස ස්වයංක්‍රීයව ලබාදේ.  ඔබට අවශ්‍යය පරිදි නම වෙනස් කර ගැනීමට හැකිය.

දෙවන ආකාරය

  •  ෆෝල්ඩර නිර්මාණය කිරීමට අවශ්‍යය ස්ථානය විවෘත කරන්න.
  • රූපයේ පෙන්වා ඇති පරිදි New Folder (නව ෆෝල්ඩර) අයිකනය මත ක්ලික් කරන්න.
  •  
  • පරිඝණකය නව ෆෝල්ඩරයක් නිර්මාණය කරයි. 
  • ෆෝල්ඩරයට නමක් ලබා දෙන්න. නව ෆෝල්ඩරය නිර්මාණය කරන විට නමක් New Folder ලෙස ස්වයංක්‍රීයව ලබාදේ. ඔබට අවශ්‍යය පරිදි නම වෙනස් කර ගැනීමට හැකිය.







තෙවන ආකාරය


පරිගණකයේ යතුරු පුවරු කෙටිමං භාවිතා කරමින්ද අපට නව ෆෝල්ඩරයක් (ගොනුවක්) නිර්මාණය කළ හැකිය.

  • CTRL යතුර SHIFT යතුර සහ N යතුර (CTRL+SHIFT+N) එකවර ක්ලික් කිරීමෙන් නව ෆෝල්ඩරයක් නිර්මාණය කළ හැකිය. 
  •  ඔබට අවශ්ය්ය පරිදි නම වෙනස් කර ගැනීමට හැකිය.ෆෝල්ඩරයට නමක් ලබා දෙන්න. නව ෆෝල්ඩරය නිර්මාණය කරන විට නමක් New Folder ලෙස ස්වයංක්රීායව ලබාදේ.  ඔබට අවශ්යිය පරිදි නම වෙනස් කර ගැනීමට හැකිය.

ඔබට අවශ්‍යය පරිදි නම වෙනස් කර ගැනීම

  • නම වෙනස් යුතු ෆෝල්ඩරය මත ක්ලික් කරන්න (දකුණු-ක්ලික් කිරීම).
  • රූපයේ පෙන්වා ඇති පරිදි  Rename (නැවත නම් කරන්න) තෝරන්න.
  • ඉන්පසු ෆෝල්ඩරය සඳහා නව නම ටයිප් කරන්න.
  • එම නම සුරැකීමට Enter  යතුර  ඔබන්න.









No comments:

Post a Comment

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...