අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

28 June 2018

පරිගණක අනුසාරයෙන් ගැටලූ විසඳීමේ අදියර

ගැටලූ විසඳීම සඳහා පරිගණක භාවිත කිරීමේ දී අනුගමනය කළ යුතු අදියර කිහිපයකි.

  1. ගැටලූව විශ්ලේෂණය කිරීම.

  2. ගැටලූව විසඳීම සඳහා සුදුසු ඇල්ගොරිතමයක් ගොඩනැගීම.

  3. ගොඩනැගු ඇල්ගොරිතමය පරිගණක ක‍්‍රමලේඛයකට පරිවර්තනය කිරීම.

  4. ක‍්‍රමලේඛයේ ඇති වැරදි හඳුනා ගැනීම සහ  නිදොස් කිරීම

  5. ක‍්‍රමලේඛ අදාළ දත්ත මත ක‍්‍රියාත්මක කිරීම.   

    දැන් අපි මේ එකිනෙකක් ගැන කථා කරමු. 

    1. ගැටලූව විශ්ලේෂණය කිරීම.

      ගැටලූ විශ්ලේෂණයේ මූලික පරමාර්ථය වන්නේ

    •  ආදාන (Inputs)
    •  ප‍්‍රතිදාන (Outputs)  සහ 
    • ආදාන ප‍්‍රතිදාන බවට පරිවර්තනය කිරීමේ කි‍්‍රයාවලිය (Processing) හඳුනා ගැනීමයි.
      පරිගණකයට ලබාදෙන ආදාන ක්‍රියාවලිය මගින් ප්‍රතිදාන බවට පත් කිරීම​

       

      2. ගැටලූ විසඳීම සඳහා ඇල්ගොරිතම ගොඩනැඟීම

      ඇල්ගොරිතමයක් යනු කුමක්ද​?

      යම් ගැටලූවක් විසඳීම සඳහා අනුගමනය කළ යුතු පියවර සියල්ල අනුපිළිවෙළින් දැක්වූ ක‍්‍රමවේදයක් ඇල්ගොරිතමයක් ලෙස අර්ථ දැක්වෙයි.

       

No comments:

Post a Comment

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...