අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

26 June 2018

Adobe Flash CS3 Professional ( ෆ්ලෑෂ් CS3 ) මෘදුකාංගය පිලිබඳ​ පූර්ව අර්ථදැක්වීම​


Adobe Flash CS3 Professional  (ඇඩෝබි ෆ්ලෑශ් සීඑස්3 ප්‍රොෆෙශනල්)  

 මෘදුකාංගය පිලිබඳ​ පූර්ව අර්ථදැක්වීම​

 

Flash යනු කුමක්ද

ඇමරිකානු ග්රැෆික්ස් සහ වෙබ් සංවර්ධන මෘදුකාංග නිවසක් වන Macromedia (මැක්රොමීඩියා) වෙතින් 1996 දී Flash මෘදුකාංගය මුල් වරට හඳුන්වා දෙනු ලැබින​.  Macromedia විසින් නිර්මාණය කල මෙම බලවත් මෙවලම වෙබ් පිටු සඳහා වර්ණවත් සජිවීකරණ නිර්මාණය හා අන්තර්ක්‍රියාකාරීත්වය (interactivity) සඳහා ජනප්‍රිය ක්‍රමයක් බවට පත් වී තිබේ.

වර්තමානයේ Flash ඇඩෝබි සිස්ටම් විසින් දියත් කර බෙදාහරිනු ලබන අතර ග්රැෆික්ස් නිර්මාණකරුවන්, වෙබ් වෘත්තිකයන් හා ආධුනිකයින් බොහෝ හේතු මත මෙම​ මෘදුකාංගය භාවිතා කරයි.


Flash  ආකර්ශනීය වන්නේ ඇයි දැයි අපි තවත් සොයා බලමු.

ඔබට ඔබේ ම රූප, සජීවිකරණ, ක්‍රීඩා සහ වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා ෆ්ලෑෂ් භාවිතා කළ හැකිය. එය සාමාන්‍යයෙන් කුඩා ගොනු ප්‍රමාණයෙන් යුතු නිසා ෆ්ලෑෂ් නිර්මාණ වෙබ් සඳහා හොඳ වේ.

Flash මෘදුකාංගයේ විවිධ ​සංස්කරණයන් දැකිය හැකි අතර, නව සංස්කරණයන්හී වඩාත් ආකර්ෂණීය සහ වෘත්තීය සජිවීකරණ, ඉදිරිපත් කිරීම් හා ආකෘති නිර්මාණය පහසු කරන වේගයෙන් වැඩකිරීමට උපකාරී වන මෙවලම් ඇතුලත් කර ඇති අතර නිර්මාණකරණයේ දී නව දෘශ්‍යප්‍රයෝග ද භාවිතා කල හැක.  

Adobe Flash CS3 Professional


  • වැඩසටහන ආරම්භ කිරීම

ආරම්භ කිරීම සඳහා, ඔබේ ඩෙස්ක්ටොප් එක මත ඇති Adobe Flash CS3 Professional අයිකනය දෙවරක් ක්ලික් කරන්න.
  •  නව ෆ්ලෑෂ් ගොනුවක් නිර්මාණය

නව FLA ලේඛනයක් ඇති කිරීම සඳහා, තිරය මැද create new ("නව නිර්මාණය කරන්න") කොටසේ Flash file ( "ෆ්ලෑෂ් ලියවිල්ල" ) මත ක්ලික් කරන්න.
  •  ඔබ නිර්මාණය කල ගොනුව save කිරීම​ (සුරැකීම) සඳහා File මෙනුව (ෆයිල්) මත ක්ලික් කරන්න, ඉන් පසු "Save" ක්ලික් කරන්න.

  • නැත්නම්, Ctrl + S ඔබන්න. ඔබගේ ලේඛනය .fla දිගුව​ (extension)  සමග ඔබ කැමති නාමය සඳහන් කර Save මත ක්ලික් කරන්න​.

  • Save කරන ලද Flash ගොනු පහත රූපයේ ආකරයෙන් දැකගත හැකිය​.
මේ පිළිබඳ විඩියෝ එකක් ලඟදීම .....

ඔබේ අදහස් කොමෙන්ට් හී සඳහන් කරන්න​.

2 comments:

  1. Nice Article.
    Can you do a post on drawing as well?

    ReplyDelete
    Replies
    1. Thank you for the comment
      I will do a post on drawing tools and Drawing :)

      Delete

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...