අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

04 February 2017

පරිගණකය හඳුනා ගනිමු.

පරිගණකය හඳුනා ගනිමු.

දත්ත සහ උපදෙස් ආදාන කළ හැකි වූ තැන්පත් කළ හැකි වූ කලින් තැන්පත් කර තිබූ දත්ත නැවත භාවිතයට ගත හැකි වූ සකස් කළ හැකි වූ සකස් කරන ලද දත්ත හෝ තොරතුරු තිර මත පතිත කළ හැකි හෝ මුද්‍රණය කළ හැකි වූ ඉලෙක්ට්රොනික උපකරණයක් ලෙස පරිගණකය හඳුන්වා දිය හැකි .





පරිගණකයක් යනු, දත්ත, තොරතුරු බවට පත් කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික උපකරණයක් බව ඔබට මෙම හැඳින්වීම අනුව තේරුම් ගත හැකි . පරිගණකයෙහි ඇති විශේෂ ලක්ෂණ නිසා එය අපට අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත.


පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වය

ආදානය ( Input )

පරිගණකයට අවශ්‍ය කරන දත්ත සහ උපදෙස් වෙත ලබා දීම (ඇතුළු කිරීම) ආදානය ලෙස හැඳින්වේ.

සැකසීම ( Processing )

ඇතුළු කරන ලද දත්ත අවශ්‍ය ආකාරයෙන් සකස් කිරීම එනම් තොරතුරු බවට පත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග මෙමගින් විස්තර කෙරේ.

ප්‍රතිදානය ( Output )


පරිගණකය මගින්  සකස් කරන ලද දත්ත හා තොරතුරු පිටතට ලබා දීම ප්‍රතිදානය යටතේ සිදු කෙරේ.

ආචයනය ( Storage )

දත්ත සහ තොරතුරු නැවත ගත හැකි අයුරින් තැන්පත් කිරීම ආචයනය යටතට ගැනේ

මධ්‍ය සැකසුම් ඒකකය


මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකයේ මොළය ලෙසින් හඳුන්වනු ලබයි. මධ්‍ය සැකසුම් ඒකකය සෑදී ඇත්තේ,

1. පාලන ඒකකය (Control Unit - CU)

2. අංක ගණිතමය හා තාර්කික ඒකකය (Arithmetic and Logic Unit - ALU)

3. මතක රෙජිස්තර (Memory Registers) යන කොටස් තුන එකතු වීමෙනි.

පාලන ඒකකය


පරිගණකයේ සියලූ ම පාලන කටයුතු සිදු කරනු ලබන්නේ මෙම ඒකකය මගිනි. අවශ්‍ය කරන අවස්ථාවල දී අවශ්‍ය ආකාරයෙන් වූ අණ කිරීම් ලබා දෙමින් පරිගණකයේ සියලූ උපාංග හා  පාලනය කිරීම මෙම ඒකකය මගින් සිදු කෙරේ.

අංක ගණිතමය හා තාර්කික ඒකකය


සියලූ ආකාරයේ වූ අංක ගණිතමය කාර්යයන් සහ තාර්කික කටයුතු සිදු කරනු ලබන්නේ මෙම ඒකකය මගින් ය.

මතක රෙජිස්තර


මතක රෙජිස්තර සැකසුම් ඒකකය තුළ අන්තර්ගත කොට ඇති අතර අංක ගණිතමය හා තාර්කික ඒකකය තුළ  ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලි සඳහා අවශ්‍ය වූ දත්ත සහ උපදෙස් රඳවා තබා ගැනීම සිදු කරයි.

11 ශ්‍ර්‍රේණිය (2016)  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පෙළ පොත ඇසුරෙනි...

No comments:

Post a Comment

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...