අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

04 February 2017

පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය උපාංග



පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය උපාංග කීපයක් ඇත .

  Ø  ආදාන උපාංග

පරිගණකයට අවශ්‍ය කරන දත්ත සහ උපදෙස් ඇතුළු කිරීම සඳහා භාවිත කරනු ලබන උපාංග ආදාන උපාංග ලෙසින් හැඳින්වේ.

  Ø  ප්‍රතිදාන උපාංග 

පරිගණකය මගින් සකස් කරන ලද දත්ත සහ තොරතුරු පිටතට ලබා ගැනීම සඳහා භාවිත කරන උපාංග ප්‍රතිදාන උපාංග යටතට ගැනේ.

  Ø  ආචයන උපාංග

බාහිර ගබඩාව  නැතහොත් අමතර මතකය ලෙසින් ද හඳුන්වනු ලබන ආචයන උපාංග, දත්ත, තොරතුරු සහ වැඩසටහන් තැන්පත් කර තබා ගැනීම සඳහා භාවිත කරනු ලබයි. මේ සඳහා දෘඪ තැටි  සංගත තැටි යනාදිය බහුල ව භාවිත කරනු ලැබේ.

  • ආදාන උපාංග

යතුරු පුවරුව

පරිගණකයට දත්ත ආදානය සඳහා වඩා ප්‍රචලිත මාධයක් වන අතර යතුරු 101/102 සිට යතුරු 104 හෝ 108 ප්‍රමාණයන් දැකිය හැක .

දැක්වීමේ උපාංග


 පරිගණක තිරයේ දක්වනය හෙවත් cursor එක චලනය කීරීම සඳහා ආදාන උපාංගයක් ලෙස මෙය යොදා ගනී. පරිගණක වෙත සංඥා විධානයක් ලබාදීම සඳහා ද මෙය භාවිතා කරනු ලැබේ .

 Ø  මූසිකය  

තවත් ප්‍රධන ආදාන උපාංගයක් ලෙස මූසිකය මූලික ආකාර 2කින් දැක ගත හැක .ඒවා නම් යාන්ත්‍රික ආකාරය (Mechanical) හා යාන්ත්‍රික නොවන ආකාරය (Non Mechanical) වේ. යාන්ත්‍රික නොවන බොහෝ මූසික ප්‍රකාශ තාක්‍ෂණය (Optical Technology) නිර්මාණ කර ඇති අතර ඒවා ලේසර් (Laser) මූසික වේ.

Ø  ස්පර්ශ සංවේදී තිරය

ස්පර්ශ කීරිම මගින් දත්ත ආදානය වේ.නවතම පරිගණක වල හා ජංගම දුරකථන වල දැකිය හැක .
Ø  මෙහෙයුම් යටිය
පරිගණක කී‍ඩා සඳහා යොදා ගනු ලබන මෙය කර්සරය  ගමන් කරවීම සඳහා යොදා ගැනේ.

Ø  ආලෝක පෑන

ආලෝක සංවේදී පරිගනක ආදාන ඒකකයක් වන ආලෝක පෑන පරිගණක ආශත නිර්මාණ කරනයේදී (CAD-Computer Aided Drafting) සහ පරිගණක අශත නිෂ්පාදන (CAM-Computer Aided Manufacturing) ක්‍රයාවලියේදී බහුලව භාවිත වේ.

රූප සහ වීඩීයෝ ආදාන උපාංග . 

Ø  සංඛ‍යාංක කැමරාව

ඩිජිටල් කැමරාව ඡයාරූප සහ වීඩීයෝ ආදානය සඳහ යොදා ගනී.නිස්චල කැමරා වල දළ සේයාපට (Film Negative) භාවිත කිරීම මෙම කැමරවෙහි නොතිබීමත් ගණිතමය ආකාරයෙන් සටහන් කිරීම මෙහි ඇති විසේස ලක්‍ෂණයකි.



Ø  වෙබ් කැමරාව


විසේසයෙන්ම අන්තර් ජාලය හරහා කරනු ලබන සංවාද මණ්ඩප (Chart sessions) සඳහා අවශ‍ය වූ උපාංගයකි. මෙය උකුලු පරිගණකයට සැදූ තිරයට ඉහලින් පෙන්නුම් කරන අතර අනෙකුත් පරිගණක සඳහා බාහිරව සම්බන්ධ කර ගත හැක .

Ø  පියැවු පරිපථ රූපවාහිනී කැමරා

පියැවු පරිපථ රූපවහිනී කැමරා වලින් රූප වීඩීයෝ දර්ශන ග්‍රහණය කර එම දත්ත ඒ උපාංගය හා සම්බන්ධ කොට ආදානය සිදු කරනු ලබයි.මාර්ග නිතී රීති සහ ස්ථානය ආරාක්‍ෂා කිරීම පිණිස යොදා ගැනේ.



No comments:

Post a Comment

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...